Month February 2024

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් පහසුකම්

මෙය ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක්. මෙරට ව්‍යාපාරිකයන් ලක්ෂ 04කට මෙමඟින් ප්‍රතිලාභ. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කෙරෙන  “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා- ජනපති. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ වැදගත් පියවරක්- ඉන්දීය…

කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කළ කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව ජනපති අතින් නිරාවරණය කෙරේ

කොල්ලුපිටිය වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති, විචිත්‍ර භාණක පූජ්‍ය මහරගම නන්ද නායක හිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය වාළුකාරාම විහාර මන්දිරයේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද කීර්ති ශ්‍රී රාජසිංහ නරේන්ද්‍රයන්ගේ ලෝහමය ප්‍රතිමාව නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද…

රාගම හෙද සහායක යතුරුපැදි අනතුරින් මරුට

කටුනායක, ඇවරිවත්ත නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩාංගණය ඉදිරිපිට දී 10වන දින පස්වරු 04.30 ට පමණ වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව කටුනායක පොලිසිය පවසයි. මෙම යතුරුපැදිකරු උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ…

සන්නිවේදන සමාගමේ ගබඩාවේ ගින්නක් කෝටි ගණනක දේපළ අළු

පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි සන්නිවේදන ඇතුළු සේවා රැසක් සපයන කොන්ත්‍රාත් සමාගමකට අයත් පෞද්ගලික ගබඩාවක (10) දා සිදුවූ ගින්නකින් එහි තිබූ කෝටි ගණනක් වටිනා දේපළවලට හානි සිදුව ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. එදින නිවාඩු දිනයක් හෙයින් ගබඩාවේ කිසිවකුත් රැඳී සිට නොමැති අතර…

හිටපු ජනපති මෛත්‍රී ඇමෙරිකාවට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(12) අලුයම ඉන්දියාව හරහා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය . ඔහු මුළින්ම අද දින අලුයම 02.50 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 284 දරන ගුවන් යානයෙන්  ඉන්දියාවේ…

රන් පදක්කම්ලාභී සුසල් අගමැතිගේ ඇගයුමට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2024 ආසියානු යොවුන් චෙස් ශූරතාවලියේ (අවුරුදු 18න් පහළ) රන් පදක්කම දිනාගත් එල්.එම් සුසල් ද සිල්වා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාව අගමැති කාර්යාලයේදී පසුගිය (09) වැනිදා හමු වූ අතර එහිදී අගමැතිවරයාගේ ඇගෑයීමට එම ක්‍රීඩකයා ලක්විය. කොළඹ නාලන්දා…

ඉරානයේ නවීන විද්‍යාත්මක තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදාගන්නවා

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් ඉරානය සතු නවීන විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා හදා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ ඉරානයේ 45…

‘Cat Walk 2024’ පා ගමන ගාලුමුවදොරදී

ජාත්‍යන්තර අරාබි දිවියන්ගේ දිනය නිමිත්තෙන් සංවිධානය කළ ‘Cat Walk 2024’ පා ගමන ශ්‍රී ලංකාවේ සවුදි අරාබියානු තානාපති කාලිඩ් බින් හමාඩ් අල්කටානි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ගාලුමුවදොරදී පැවැත්විණි. පෙරේදා (10) පෙරවරුවේ මෙම පා ගමන පැවැති අතර කොළඹ ගාලුමුවදොර පරිශ්‍රයේදී පැවැති මේ සඳහා…

මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමක්

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් තුළ  වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. ඊයේ (11) රාත්‍රීයේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබෙයි. මෙම වෙඩිතැබීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති අතර, මංකොල්ලකරුවන් පිරිස පළාගොස්…

දීඝවාපියට ගිය ඓතිහාසික ගල් පාර මතු වෙයි

අම්පාර දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සමඟ දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුරන ස්ථානයක් හමුවී තිබේ. දැනට වසර ගණනාවක සිට මෙම ස්ථානය ඔලුවිල් ඇතුළු ප්‍රදේශවලට යෑමට දිඝාවාපි වැසියන් මෙන්ම ඔලුවිල් ප්‍රදේශයේ වැසියන්ද භාවිත කර…