Month February 2024

සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණයි

රට තුළ සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් පසුගිය දෙවසර තුළ රජය සාධනීය පියවර රැසක් ගනු ලැබුවා. සංහිඳියාව කරා යන ගමනේදී ආගමික නායකයන්ට පුළුල් වැඩකොටසක් පැවරී තිබෙනවා – ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනපති පවසයි. ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල්…

කාන්තා ව්‍යවසායකත්වය බල ගැන්වීමට රජය පුළුල් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා

රටේ ආර්ථිකය ගොඩනැඟීමේ දී කාන්තාවන්ට විශාල වැඩකොටසක් ඉටු කළ හැකියි – විශිෂ්ට ව්‍යාපාරික කාන්තාවන් අගයමින් ජනපති පවසයි. ඉදිරියේදී රට තුළ ඇතිවන ආර්ථික පරිවර්තනයට අනුගත විය හැකි කාන්තා ව්‍යවසායකයින් බිහිකිරිමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන වැඩපිළිවෙළ මේ වන විට රජය…

රතු මුහුදේ හවුති ප්‍රහාරවලින් ගෝලීය ආර්ථිකය 42% කින් බිඳ වැටිලා

රතු මුහුදේ හවුති ප්‍රහාරවලින් ගෝලීය ආර්ථිකය 42% කින් බිඳ වැටී ඇතැයි තක්සේරු කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සම්මේලනය ප්‍රකාශ කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට එල්ල වන හවුති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාර හේතුවෙන්…

පවුම් මිලියන 190ක ඉඩම් වංචාවකට ඉම්රාන්ට බිරියට අධිචෝදනා

අයුතු ලෙස බලය පාවිච්චි කිරීම සම්බන්ධව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහ බිරිය බුෂ්රා බීබීට අධිචෝදනා ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන් ඛාන් අගමැති ධුරයේ සිටියදී අල්ලස් වශයෙන් විශාල ඉඩමක් ලබා ගත් බවට එම චෝදනාව එල්ල වී ඇතැයි…

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ එකම දිනයේදී ප්‍රහාර දෙකකින් කතෝලික-මුස්ලිම් බැතිමතුන් 27ක් මරුට

බටහිර අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ඉස්ලාම් බැතිමතුන් 12 දෙනකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ ප්‍රහාරය සිදු වී ඇත්තේ එදිනම කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් ක්‍රිස්තියානි බැතිමතුන් 15…

වසර 2023දී ඉන්දියාවෙන් ලක්ෂ 25ක් ඩුබායි ගිහින්

වසර 2023දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඉන්දීය ජාතිකයන් මිලියන 2.46ක් සංචාරය කර ඇතැයි එරට දත්ත සංඛ්‍යාලේඛන වාර්තාවලින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය පශ්චාත් කොවිඩ් කාලසීමාවේදී එමිරේට්ස්හි සංචාරය කළ පිරිස අතුරින් 25% ක වර්ධනයක් බව ද එම වාර්තාවෙන්…

පාකිස්තාන හවුල් රජයට IMF නව කොන්දේසි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක මීළඟ ණය වාරිකය ලබා ගැනීම සඳහා මහමැතිවරණයේ අක්‍රමිකතා සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරගත කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව පැහැදිලි කිරීමට පාකිස්තානයට සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම ණය වාරිකය නිදහස්…

ආසියාවේ ලොකුම කෝටිපතියාගේ පුත්‍රයා දින තුනක පූර්ව මංගලෝත්සවයකට සැරසෙයි

ආසියාවේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව මංගලෝත්සවයක් ලබන මාර්තු මස මුල් භාගයේදී දින 3ක් පුරා ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා…

ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණ ජයිකා ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (ජයිකා ) සමඟ එක්ව සිදු කරන ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියෙන් රෝහල් 15කට ප්‍රතිලාභ හිමි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැවැසීය. පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහා රෝහල්වල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතියෙන් මෙරට ප්‍රධාන…

ශ්‍රී ලාංකික ජනතාව ජනපතිට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන දීමට පෙළ ගැසෙමින් සිටිනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

ජාතික නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් නැවත ජනාධිපති ධුරයට පත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය. එය දේශපාලනයෙන් තොර ක්‍රියාවලියක් බවද කීය. ගාල්ල, කෝන්ගහ ක්‍රෙසන්ට් ක්‍රීඩා සමාජය විසින් පසුගිය…