Month February 2024

කවුරු මොනවා කිවුවත් රාජපක්ෂ කඳවුරේ සිටගත් ජනතාව ජාතික වීරයින් – තිස්ස කුට්ටිආරච්චි

කවුරුන් අවලාද නැගුවද රාජපක්ෂ කඳවුර සමඟ සිටගත් ජනතාව ජාතික වීරයින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා. සමහරුන් පොහොට්ටුවේ රැස්වීම්වලට යාමට ලැජ්ජාවක් නොමැති දැයි ප්‍රශ්න කරන බවත් ආර්ථික ඝාතකයින්, තරුණයින්ගේ සිහින විනාශ කළ පිරිස් සිටින්නේ පොහොට්ටුවේ බවට සඳහන් කරමින් විවිධ අවලාද…

අල්ලස් ලබාගත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකුට අධිකරණයෙන් දඬුවම්

අල්ලස් චෝදනා එල්ල වූ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුවෙකුට වසර දෙකක බරපතළ සිර දඬුවම් නියම කර එය වසර 5කට අත්හිටුවීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. 2019 වර්ෂයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ වැටලීමකදී සැකකාර…

රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරයි

රේගු නිලධාරීන්ගේ  (15) උදෑසන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. වසර 04ක් පුරා ප්‍රමාද කර ඇති උසස්වීම් කඩිනමින් ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.…

විධායක ජනාධිපතිකම අහෝසි කිරීම ජනාධිපතිවරණය කල් දාගන්න කරන උගුලක් වෙන්නත් පුළුවන් – මහින්ද

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළහොත් එය හොඳ කටයුත්තක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනව‍ා. රට ප්‍රකාශ කරන්නේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙස බවයි හිටපු ජනාධිපතිවරයා (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ. මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ මෙය ජනාධිපතිවරණය කල්…

කෙහෙළිය ඇතුළු පිරිස 29 වනදා දක්වා යළි රිමාන්ඩ්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා එළඹෙන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

අද කාලගුණ නිවේදනය

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක  වැසි හෝ ගිගුරුම් සහිත වැසි…

SL vs AFG T20 : පළමු තරඟයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය අවසන් වෙයි

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය සදහා වන ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය වෙනුවෙන්…

විදුලි බිල, ඉන්ධන මිල අඩු කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි – නාමල්

රටේ ආර්ථිකය සෑදීම සඳහා ගමේ ආර්ථිකය ශක්තිමත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. අද වන විට ඇති අසීමිත බදු ප්‍රතිපත්තියත් සමඟ ගමේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුව ඇති බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. විදුලි බිල, ඉන්ධන මිල…

මෛත්‍රී සහ අෆ්රීන් අක්තර් අතර හමුවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් හමුවක් ඊයේ (14) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී සිදුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇතිවී ඇති බවයි…

2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි 19 ආරම්භ වෙයි

නව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා දින අවසන් වන බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ. 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19…