Month February 2024

ඉන්දුනීසියාවේ මැතිවරණයෙන් සුහර්තෝගේ බෑනනුවන් ඉදිරියෙන්

ඉන්දුනීසියාවේ ආරක්ෂක ඇමැති ප්‍රබෝවා සුබියන්ටෝ එරට ජනාධිපති සටනින් ජයගෙන ඇතැයි නිල නොවන ප්‍රතිඵල පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 72 හැවිරිදි සුබියන්ටෝ හිටපු හමුදාපතිවරයා ද වන අතර, ඉන්දුනීසියාවේ හිටපු නායක සුහර්තෝගේ බෑනනුවන් වේ. පළමු වටයේ ඡන්ද විමසීමේදී ඔහු 57%ක…

විජය ඝාතනයට ජවිපෙ දැන්වත් ජාතියෙන් සමාව ගත යුතුයි

ඝාතනයක් සඳහා වූ පශ්චාත් දේශපාලන මරණ පරීක්ෂණයක් ලෙස විජය කුමාරතුංග මරා දැමීම ගත් වන, රටම එහි ඝාතකයෝ දන්නේ නමුදු, ඒ ගැන ඝාතනයේ වගකීම උසුලන ජවිපෙ කිසිවක් කතා නොකරන්නේය. අනුන්ගේ ෆයිල් තොග ගාණට ප්‍රදර්ශනය කිරීමේ ආශාක්තභාවය ඇත්තේ මුත් මේ අය තවම…

මෙවර සිනෙ ඡායාවෙන් මරුවා සමඟ වාසේ

ටයිටස් තොටවත්තයන්ගේ මරුවා සමඟ වාසේ චිත්‍රපටය බොහෝදෙනා අතර ජනප්‍රිය වූයේ සත්‍ය වූ සිදුවීම් මෙන්ම සත්‍ය චරිතයක් මූලික කර ගනිමින් නිමා වූ චිත්‍රපටයක් බැවිනි. හැබෑ ලෝකයේ සිටි ජනප්‍රිය චණ්ඩියා වූයේ ‘මරු සිරා ය.’ මරු සිරා චරිතය මූලික කර ගනිමින් නිමැවූ මුල්ම…

කිසිදා අනාවරණය නොවූ තොරතුරු දිඹුලාගලින් හමු විය හැකියි

දිඹුලාගල ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගන්නා ලද මෙරටින් හමු වූ විශාලම සෙල්ලිපියේ මූලික වාර්තාව පසුගියදා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතාට ලබා දෙන ලදි. මේ ඒ සෙල්ලිපිය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පුරාවිද්‍යාව…

විමධ්‍යගත අරමුදල් දෙනකන් ඉන්න එපා – අගමැති

ඇස් දෙකට පේන සුළු සුළු දේ කරන්න විමධ්‍යගත අරමුදල් ලබා දෙන තුරු නොසිට ඒවා සිදු කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, එහි සභාපති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව…

ඓතිහාසික සිද්ධස්ථාන 11ක් පූජා භූමි ලෙස නම් කෙරේ

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 11ක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කෙරේ. එම භූමි ප්‍රදේශ පූජා භූමි ලෙස නම් කරමින් ඊට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීම…

අම්පාර ඩිපෝවේ වංචා දූෂණ ගැන කඩිනම් පූර්ණ පරීක්ෂණයක්

– පිළිසකර කරන බස් රියේ අංක තහඩුව ධාවන තත්ත්වයේ බසයකට සවි කර කොළඹ එවලා – ඩිපෝ ඉංජිනේරු සේවයෙන් ඉවතට – අනෙක් හවුල්කරුවන් ගැනත් සොයයි – කොළඹින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් අම්පාරට ධාවනයෙන් ඉවත් කර තිබෙන බස් රථ පිළිසකර කර යළි ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතියට අදාළව…

රතු මුහුදේ අර්බුධය නිසා මෙරටට පැමිණෙන නෞකා ප්‍රමාණය 32% කින් ඉහළට

රතු මුහුදේ පවතින අර්බුධය හේතුවෙන් මෙරටට ලඟාවන බහාලුම් ප්‍රවාහන නෞකා ප්‍රමාණය 32% කින් පමණ ඉහළ ගොස් ඇති බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඊට සාපේක්ෂව මෙරට ආදායම ද ඉහළ ගොස් ඇති අතර, එය ධනාත්මක සාධකයක්…

කෙහෙළිය රෑට නින්දෙන් හුස්ම හිරවෙන රෝගයකින් පෙළෙන බව නීතීඥවරු අධිකරණයට දැනුම්දෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව ඔහුගේ නීතීඥයා කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම්දී තිබෙනවා. හිටපු අමාත්‍යවරයා බන්ධනාගර ගත කිරීමෙන් පසු රුධිර පීඩනය විචලනය වී, උදරයේ බඩවැල් ව්‍යාකූල වී, වකුගඩු රෝගී තත්ත්වයක් හා දියවැඩියාවෙන්ද පෙළෙන…

මැතිවරණ නිලධාරින් හා දේශපාලන පක්ෂ අතර 21 වනදා සාකච්ඡාවක්

දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණ නිලධාරින් අතර සාකච්ඡාවක් ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මැතිවරණ වියදම් නියාමන පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ. ඉදිරි මැතිවරණයේදී පනත සක්‍රීය ‍ලෙස…