Month February 2024

සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති විශේෂ සාකච්ඡාවක් කැඳවයි

සෞඛ්‍ය සේවක ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම පැවසුවේ ලබන සඳුදා එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. එම සාකච්ඡාවේදී එළැඹෙන තීරණ අනුව ඉදිරි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ඔහු පැවසුවේ ය. සිය…

රිය අනතුරකින් මාස 04 ක බිළිදෙකු ඇතුළු 14 ‍කට තුවාල..

වාරියපොල, කළුගමුව මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මාස 04ක බිළිදෙකු ඇතුළු 14 දෙනකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ වාරියපොල දෙස සිට කළුගමුව දෙසට ගමන්ගත් වෑන් රථයක් මර්ගයෙන් ඉවතට ගමන් කර ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. වාරියපොල ප්‍රදේශයේම පදිංචිකරුවන්…

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි..

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද(17) උදෑසන අභාවප්‍රාප්ත විය. ඒ, පන්නල, බෝපිටිය, මාහොලව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ය. අභාවප්‍රාප්ත වනවිට ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ වයස අවුරුදු 83 කි. 1941 ජනවාරි 29 වැනිදා කුරුණෑගලදී උපත ලද ගාමිණී ජයවික්‍රම…

රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන වශයෙන් අවාසි සහගත වුවත් රටේ අනාගතයට වාසිදායකයි

අද ගැන නොව, හෙට ගැන සිතමින් ජනපති රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ අරඹා තිබෙනවා- සාගල රත්නායක මහතා. දීර්ඝ කාලයක් පුරා අතපසු වූ නමුත් රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මඟපෙන්වීමෙන් අද රට තුළ සිදු කෙරෙමින් තිබෙන අතර ඒවා දේශපාලන වශයෙන්…

NLB ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාග පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ලොතරැයි මණ්ඩලයේ 2023 වසරේ ආදායමින් රුපියල් බිලියන 7.1ක් රාජ්‍ය ඒකාබද්ධ අරමුදලට. ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ අලෙවි කරන ලද ලොතරැයි ටිකට්පත්වල සුපිරි ත්‍යාග සහ රුපියල් මිලියනයේ මුදල් ත්‍යාගවලට අදාළ චෙක්පත් සහ වාහන ත්‍යාග ජයග්‍රාහකයන් වෙත පිරිනැමීමේ උත්සවය ජනාධිපති…

අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිනවා

මහජන නියෝජිතයන්ට චෝදනා කළ පමණින් රටක් ඉදිරියට ගෙන යෑමට නොහැකියි – විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රාආරච්චි. ආර්ථික දුෂ්කරතා පැවැතියද රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට රජය කටයුතු…

ජනපති සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගත් ඊශ්‍රායල ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීමට ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ…

SL vs AFG T20 : පළමු T20 තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරග‍ාවලියේ පළමු තරගය අද (17) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ‍තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතුවලින් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර…

අද කාලගුණ නිවේදනය

අද (17) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 02.00න් පමණ පසු…

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායකවරයා මරුට

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 47 හැවිරිදි ඔහු ශාරීරික සුවතාවය සඳහා ඇවිදීමෙන් පසු ඔහුට සිහිය නොමැති වූ බවත්, පසුව ගිලන් රථ කණ්ඩායමක්ද එහි කැඳවූ බවයි බන්ධනාගාර ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ.…