Month February 2024

ගෙවීම් තාව­කා­ලි­කව අත්හි­ටුවා ඇති අමෙ­රි­කන් ඩොලර් කෝටි 3,600ක විදෙස් ණය ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක්

මේ වන විට ගෙවීම් තාව­කා­ලි­කව අත්හි­ටුවා තිබෙන එක්සත් ජන­පද ඩොලර් කෝටි 3,600ක විදෙස් ණය කන්ද­රාව ආපසු ගෙවී­මට තෙවැ­දෑ­රුම් සහන පැකේ­ජ­යක් රජය සැල­සුම් කර ඇති බවත්, අවු­රුදු පහත් හයත්, අවු­රුදු හයත් විස්සත් සහ අවු­රුදු විස්සෙන් ඉදි­රි­යට ලෙස මේ තුන් වැදෑ­රුම් සහන…

දඹුල්ලේදී ‍මතීෂගේ වේගය ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

ඇෆ්ගනිස්තානය සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය, ලකුණු 4 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(17) සමත් විය. රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු 20-20 තරගය මෙයවේ. වසර 6 කට පසුව රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් තරගය නැරඹීමට විශාල…

ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා(20) සිදුකිරීමට නියමිතය. ටික කලක් තිස්සේ දැඩි ලෙස රෝගාතුරව සිටි ඒ මහතා ඊයේ(17) මිය යන විට 83 වන වියේ පසුවිය. 1941 වසරේ උපත ලැබූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කොළඹ නාලන්දා…

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වල අද ප.ව 4.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. . සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවති. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු,…

මෛත්‍රී වොෂින්ටන් බෞද්ධ විහාරය‌ට යයි

අමෙරිකාවේ විශේෂ සංචාරයක නිරත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමෙරිකාවේ වොෂින්ටන් ඩී.සී හි වොෂින්ටන් බෞද්ධ විහාරය සහ මේරිලන්ඩ් බෞද්ධ මධ්‍යස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. එහිදී මහා සංඝරත්නය පිරිත් සජ්ඡායනා කරමින් මෛත්‍රීපාල සිරිසේන ට ආශිර්වාද කළේය‍. එම අවස්ථාවට එක්ව සිටි…

මෙරට 07වැනි නාවික හමුදාධිපති දැයෙන් සමු ගනියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර මහතා ඊයේ (17) අභාවප්‍රාප්තවී තිබේ. 1951 වර්ෂයේ ජූලි මස 23 වන දින රාජකීය ලංකා නාවික හමුදාවේ උපන් ලුතිනන් වරයෙක් ලෙස අධිකාරියට පත්ව…

මීගොඩ ආර්ථිකයේ වෙඩි තැබීමට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය තුළ දී පසුගිය 12වැනිදා යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිණිඅවියකින් කාන්තාවකට වෙඩි තබා තුවාල සිදු කර මුදල් කොල්ල කෑමක් සම්බන්ධව මීගොඩ පොලිසිය…

රාජ්‍ය නියෝජිතයෝ රැසක් ශ්‍රී ලංකාවට

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීමට රාජ්‍ය නියෝජිතයෝ රැසක් ශ්‍රී ලංකාවට පැමිණෙති. මෙම සමුලුව හෙට (19) ආරම්භවීමට නියමිතය. එම සමුළුව හෙට සිට සිට 22 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ. මෙම සමුළුවට ආසියා…

කුරුණෑගල, ගිරිබාව වැව් දෙකක පිළිසකර කටයුතු ඇරඹෙයි

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුනරුත්ථාපනය කරන වැව් දෙකක කටයුතු ඊයේ (17) දින ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් මල්ලවතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මේ…

චීනයේ ජයග්‍රාහී සංවර්ධනයට ජගත් මහා මණ්ඩල සභාපතිගෙන් පැසසුම්

යටිතල පහසුකම් සංවර්ධනය, දරිද්‍රතාව පිටුදැකීම, කාන්තා අයිතිවාසිකම් සුරැකීම හා අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකින් චීනය ලබා ඇති ජයග්‍රහණ තමා සියැසින් දුටු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 78 වැනි මහා මණ්ඩලයේ සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් Dennis Francis මහතා කියාසිටී.  එම ජයග්‍රහණ එක්සත් ජාතීන්ගේ සංවිධානය…