Month February 2024

වත්මන් ජනපතිගේ ක්‍රියා කලාපය ගැන රටේ ප්‍රසාදයක් තියෙනවා – මහින්ද අමරවීර

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදුකරගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් රටේ ප්‍රසාදයක් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල සිටින මිනිසුන් මියගොස් රට අක්‍රීයව තිබුණු අවස්ථාවක, අනෙකුත් නායකයින් මඟ හරිමින් යන විට මෙය භාරගෙන සිදු කිරීම සම්බන්ධයෙන් කාගේත්…

T20 තරගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට ප්‍රේක්ෂකයින් ගේට්ටු කඩා ඇතුළුවෙයි

ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගයේ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේදී (19) උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රවේශ පත්‍ර අලෙවිය සිදුකළ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගේට්ටුව බිඳ දමමින් ඇතුළුවීමටද ප්‍රේක්ෂකයින් උත්සාහ කර තිබුණා. පොලීසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ…

විධායක බලතල අහෝසි කරන්නේ ඡන්ද කල් දාන්න නම් ඒකට අපි උදව් කරන්නෑ – නාමල්

විධායක බලතල අහෝසි කිරීම සිදු කරන්නේ ඡන්දය කල් දැමීමට නම් ඒ සඳහා සහයෝගය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. කෙසේ නමුත් විධායක බලතල අහෝසි කරන්නේ නම්, මැතිවරණ ක්‍රමය ද ඒ සමඟ වෙනස් විය යුතු බවයි (19) මාධ්‍ය වෙත අදහස්…

ඉන්දීය ආධාර යටතේ වතු කම්කරුවන් සඳහා නිවාස

වතුකරයේ කම්කරුවන් සඳහා නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියක තවත් අදියරක් ආරම්භ කිරීම (19) සිදුකර තිබෙනවා. මෙම සිව්වන අදියර යටතේ දිස්ත්‍රික්ක 10ක වතු 45ක් පුරා නිවාස 1300ක් ඉදිකිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්…

සරත් ෆොන්සේකාව පක්ෂ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ සභාපති ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ තනතුරුවලින් ඉවත්කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. සරත් ෆොන්සේකා විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව දින 14 ක් සඳහා බල පැවැත්වෙන පරිදි අධිකරණය මෙම වාරණ නියෝගය…

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට වෙරළාරක්ෂක ගුවන් යානයක්

ශ්‍රී ලංකාවට ගුවන් යානාවක් ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබෙන බව අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන Doland Lu සඳහන් කර සිටිනවා. මෙරට වෙරළ තීරයේ ආරක්ෂක කටයුතු සඳහා මුර සංචාර කටයුතු වලට යෙදවීමට මෙම ගුවන් යානය ලබා දෙන බවයි ඔහු පවසන්නේ. ඒ…

ණය ප්‍රතිව්‍යුහගතකරණය එළඹෙන ජුනි මාසයේදී අවසන් කිරීම රජයේ ඉලක්කයයි – රංජිත් සියඹලාපිටිය

මෑත කාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රටවල් අතර ණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මාර්තු මස අවසන් වන විට නිමාකර…

වියළි කාලගුණය නිසා ජල විදුලි උත්පාදනය පහළට

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 3 – 4 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, නොයෙල් ප්‍රියන්ත පැවසුවා. මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල ධාරිතාව, 83% ක් දක්වා…

පාසල් නිල ඇඳුම් සහ පෙළපොත් මාර්තු මාසයේ පළමු සතිය වන විට බෙදා අවසන් කරනවා – අධ්‍යාපන අමාත්‍යාංශය

පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් සහ පෙළපොත් ලබාදීම මාර්තු පළමු සතිය වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිල ඇදුම් සහ පෙළපොත් බෙදාහැරීමේ කටයුතු මේ වනවිටත් සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

රනිල් ජනාධිපති ඡන්දය නොතියා වෙට්ටු දාන්න කල්පනා කරනවා නම් එයාට වෙන්නේ ගොඩක් කළින් ගෙදර යන්න – අනුර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණය නොපවත්වා වංගු ගැසීමට කටයුතු කරන්නේ නම් ඔහුට බොහෝ ඉක්මනින් ගෙදර යාමට සිදුවන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ගෝඨාභය රජය අර්බුදයට පත්වූ අවස්ථාවේදී ප්‍රථමයෙන් අගමැති ධූරය භාර ගැනීමට සජිත් ප්‍රේමදාසට ආරාධනා කළ…