Month February 2024

ජනාධිපති අපේක්ෂක අභියෝගය භාරගන්න සූදානම් – පාඨලී චම්පික

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිදුවුවහොත්, අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාව බවත්, එහිදී එක්සත් ජනරජ පෙරමුණ කොටස්කරුවෙකු පමණක් බවයි මන්ත්‍රීවරයා සඳහන්…

අල්ලස් සිද්ධියකට නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

නුවරඑළිය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාරවරයා සහ කළමනාකරණ සහකාරවරයෙකු අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් එම නිලධාරීන් (20) අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්. මාර්ග බලපත්‍රයක් වෙනස් කිරීම වෙනුවෙන් රුපියල් 30,000…

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන ඒමේ අදහසක් නෑ – අධිකරණ ඇමති

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවක් ලෙස තමන් හෝ කැබිනට් මණ්ඩලය හෝ අමාත්‍යවරයෙක් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. එසේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ඒමේ අදහසක්ද නොමැති බවයි රූපවාහිනී වැඩසටහනකට…

ඕනෑම අවස්ථාවක විශ්‍රාම යන්න සූදානම් – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

තමා ඕනෑම අවස්ථාවක විශ්‍රාම යෑමට සූදානම් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා. ඒ අනුව රාජ්‍ය සේවයේ සිටීමේ හරයක් නැති බවයි (20) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ. සෞඛ්‍ය අමාත්‍යාංශය හා එහි උසස් නිලධාරීන්…

මේ වෙලාවේ කවුරුත් අඩුම පඩියකට රටට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි – රංජිත් සියඹලාපිටිය

මේ අවස්ථාවේ සියලුම දෙනා අඩුම පඩියකට රටට වැඩ කිරීමට හැකි නම් හොඳ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. (20) පාර්ලිමේන්තුවේදී මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝකයේ සෑම රටකම මහ…

වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්න ජනතාව දින ගණන් කරමින් ඉන්නේ – මුජිබර් රහුමාන්

තමාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නොහැකි නිසා කුමක් හෝ ගැටයක් ගසා එය නොපවත්වා සිටීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවී ඇති බවට පැහැදිලි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. ජනාධිපතිවරණය ව්‍යවස්ථානුකූලව අනිවාර්යෙන්ම පැවැත්විය යුතු මැතිවරණයක් බවත් එම මැතිවරණය කිසි ලෙසකින් කල් දැමීමේ…

ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද වැඩි වුනාට 12% කින් උඩට යන්නේ නෑ – එස්.බී. දිසානායක

රටේ ආර්ථිකය යම් ආකාරයක ශක්තිමත් බලාපොරොත්තු සහගත ස්ථානයකට ගෙන ඒමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. රටේ නොයෙකුත් දේශපාලන රැලි මතුවෙමින් ඇති බවත්, ජනතා විමුක්ති පෙරමුණට පෙරට වඩා ඡන්ද ප්‍රමාණයක් ලැබුණත් එය 10%…

ගුරු විදුහල්පතිවරු අද විරෝධතාවක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යළි උද්ඝෝෂණ මාලාවක්. පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි එම උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කරන බවයි එම සන්ධානය නියෝජනය කරන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ. ඒ අනුව මහනුවරදී  (20) දහවල් 2.00 ට දැවැන්ත…

ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි කියූ හරීන්ගේ ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතයද කියා ප්‍රකාශ කළ යුතුයි – විමල්

ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් පාර්ලිමේන්තුවේදී (20) ප්‍රශ්න කළා. එසේ නැතිනම් එය ආණ්ඩුවේ නිල මතයද, ඔහුගේ පෞද්ගලික මතයද යන්න හෙළි කළ යුතු බවත්, තමන් නියෝජනය කරන රට සම්බන්ධයෙන් එවැනි…

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුව​ට දැනුම්දෙයි

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය (20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ අනුව වගන්ති කිහිපයක් විශේෂ බහුතරකින් සහ තවත් වගන්ති කිහිපයක් විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දු කර තිබෙනවා.