Month February 2024

පිටකොටුවේ දී මිනිස් සිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන විකුණලා

මිනිස් සිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන අලෙවි කළ සැකකරුවන් සිව්දෙනෙකු පිටකොටුව දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ(21) දහවල් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට…

ගෝල් ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයෙකුට ලබා දී නැහැ – ඇමති ප්‍රසන්න

ගෝල්ෆේස් අරගල භූමිය කිසිදු ආයෝජකයෙකුට ලබා දී නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි. ඔහු අවධාරණය කරන්නේ ගෝල්ෆේස් අරගල භූමිය කැසිනෝ ව්‍යාපාරයකට බදු දීමට සූදානම් වන බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත…

ආන්දෝලනයට තුඩුදුන් මල්වානේ නිවස හා ඉඩම රජයේ ව්‍යාපෘතියකට යෙදවීමට පියවර

මල්වානේ පිහිටා ඇති හිමිකරුවෙක් නැති බවට පැවසුණු නිවස සහ එම ඉඩම සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යෙදවීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා. 2015 වසරේදී මේ දේපළ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පැවරූ අවස්ථාවේදී ඉඩමට සම්බන්ධ ඔප්පුවල නම් සඳහන්ව තිබුණු සෑම…

ජාතික ජන බලවේගයේ ලියාපදිංචිය නීතිවිරෝධී බවට ඉදිරිපත් වූ මෝසම සලකා බැලීමට දින නියම කෙරේ

මැතිවරණ කොමිසම විසින් ජාතික ජන බලවේගය ලියාපදිංචි කර ඇති ආකාරය නීතිවිරෝධී බවත්, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මෝසම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම මෝසම කැඳවූ…

දුම්රිය හරස් මාර්ග 400 ක් සඳහා නව ආරක්ෂක ගේට්ටු සවිකිරීමට අවධානය

දුම්රිය හරස් මාර්ග 400 ක් සඳහා ආරක්ෂක ගේට්ටු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර පවසනවා. ඒ සඳහා සේවකයින් 1200ක් බඳවාගන්නා බවත්, රජයේ බහු කාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවා ගත් පුද්ගලයින් ඒ සඳහා අනියුක්ත කිරීමට…

ලබන මාසයේ සිට ප්‍රාථමික ශ්‍රේණියේ සිසුන් සඳහා නොමිලේ ආහාර වේලක් – අධ්‍යාපන අමාත්‍යාංශය

ලබන මාසයේ සිට 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සෑම පාසැල් සිසුවෙකු සඳහාම නොමිලේ ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම ආහාර වේල උදෑසන 7.30 ට ලබාදීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. සිසුන් ලක්ෂ…

උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් දිස්ත්‍රික් කිහිපයක ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්කවල අද (22) දිනයේ උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්…

විදුලි ගාස්තු අඩු කිරීමේ සංශෝධිත යෝජනාව අද මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බල අඩු කිරීමේ සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට අද (22) භාරදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිල ඒ ප්‍රමාණයෙන්ම අඩු කරන බවයි.

රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද

මේ වසරේ රජයේ පාසල්වල 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම අද (22) ආරම්භ වනවා. ඒ අනුව ඒ සඳහා වන උත්සවයක් ඇඹිලිපිටිය බෝධිරාජ විද්‍යාලයේදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මීට සමගාමීව පළාත් සභා මට්ටමින්ද පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත්…

ගෘහ සේවිකාවන් ලෙස මෙරට ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යැවීම නතර කිරිමට අවධානය

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ කඩිනම් සැලසුමක් තමන් වෙත ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ…