Month February 2024

සනත් නිශාන්ත සිදුකළේ පුත්තලමට ගැලපෙන දේශපාලනය – මහින්ද

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මිය යනතුරු හා මියගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. (22) පාර්ලිමේන්තුවේදී පැවති අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මන්ත්‍රීවරයා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, එසේ හදවත දිනා ගැනීම සිදු…

Online Safety පනතේ දක්වා ඇති වැරදි පෙබරවාරි 01 වනදා සිට සිදුකර ඇත්නම් එම පනත හරහා කටයුතු කළ හැකියි – රුවන් ගුණසේක

Online Safety පනතේ 12 වගන්තියේ සිට 22 වගන්තිිය දක්වා ඇති වැරදි පෙබරවාරි 01 වනදා සිට සිදුකර ඇත්නම්, එම වැරදි සඳහා මෙම පනත හරහා කටයුතු කිරීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර පවසනවා. අදාළ පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා…

බේකරි නිෂ්පාදන ආයතන 1000 ක් වැසී ගිහින් – බේකරි හිමියන්

අධික ජල, විදුලි බිල්පත් සහ වැට් බදු හේතුවෙන් රට පුරා පාන් ඇතුලු බේකරි නිෂ්පාදනය කරන ආයතන දහසකට වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම, බිත්තර මිල ඉහළ යාම සහ පාරිභෝගිකයින්…

අධික උෂ්ණත්වය මාසයක පමණ කාලයක් පැවතිය හැකියි – කාලගුණ දෙපාර්තමේන්තුව

පවතින අධික උෂ්ණත්වය මාසයක පමණ කාලයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟ නිශ්චිත දිශාවකින් තොරව හමායෑ​ම හා වායුගෝලයේ ජල වාෂ්ප අඩුවීම මෙම උණුසුම් කාලගුණය ඇතිවීමට හේතුව බවයි එහි අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් විජේමාන්න සඳහන් කළේ. කෙසේ නමුත්…

තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙනවා – ජනපති

නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එහිදී මෙරට සියලු වෘත්තීය පුහුණු ආයතන එක් වෘත්තීය විද්‍යාලයක් යටතට පත්කර නවීන විෂයානුබද්ධ පාඨමාලා…

ඩොලරයේ විකුණුම් මිල රු.316 දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන දෛනික විනිමය අනුපාත අනුව  (22) දිනයේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහ​ළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු.306.53 ක් සහ විකුණුම් මිල රු.316.06 ක් ලෙසයි අද ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිය හැකියි – සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය. ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද…

ජනපති රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙනවා. නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. එහිදී මෙරට…

අමෙරිකාවේ නිෂේධ බලයෙන් ගාසා සටන් විරාම යෝජනාව සිවුවැනි වරටත් පරදවයි

අමෙරිකාව සිව්වැනි වරටත් නිෂේධ බලය භාවිත කරමින් පලස්තීනයේ ගාසා තීරයට සටන්විරාමයක් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල කෙටුම්පත ඉවත දැමූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාව ගත් මේ පියවර සම්බන්ධව ලොව පුරා රටවල් රැසක් දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි ද…

මුඛ පිළිකා වැළඳීමේ හැකියාව ඉහළට

තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. පසුගිය කාලසීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කළ බව මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය තනූජා දක්ෂිලි පතිරාජ මහත්මිය ප්‍රකාශ කළාය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය…