Month February 2024

කවුරු බලපෑම් කළත් යුක්තිය මෙහෙයුම නතර කරන්නේ නෑ

මොන බලපෑම් ආවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනයට මෙන්ම කාන්තාවන්ට සහ දරුවන්ට සිදුවන හිංසන වැළැක්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කර ඇති කිසිම මෙහෙයුමක් නැවැත්වීමට සූදානම් නැති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. එසේම 2023 දෙසැම්බර් 17 වැනිදා ආරම්භ කළ යුක්තිය…

කඩුවෙල හෙල්ලූ වැලිවිට සුද්දා කුඩුත් එක්ක මාට්ටු

කඩුවෙල හා ඒ ආශ්‍රිතව මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හරිනු ලබන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන මලලගේ සුදත් කිත්සිරි නොහොත් වැලිවිට සුද්දා හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 300ක් සමඟ කඩුවෙල පොලිසිය මඟින් ඊයේ (22) අලුයම අත්අඩංගුවට ගෙන තිබිණ. අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණයට…

ප්‍රංශ යුද නැව් යේමනයේ ඩ්‍රෝන යානා දෙකක් විනාශ කරයි

රතු මුහුදේ සිය මුර සංචාර කලාපවල සිටි ප්‍රංශ යුද නැව් යේමනයේ ඩ්‍රෝන යානා දෙකක් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් ඩ්‍රෝන යානා වර්ගය තවමත් නිශ්චිතව වාර්තා වී නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රංශ නාවික හමුදාව මීට…

අඟහරු මෙහෙයුමට යන්න කැමති අයට නාසා අයදුම්පත මෙන්න

අඟහරු ග්‍රහයාගේ පිළිබඳ මානව ගවේෂණදී ඒජන්සියේ සැලසුම් දැනුම් දීම සඳහා නාසා ආයතනය සිය මීළඟ වසරක අඟහරු මතුපිට මෙහෙයුමට සහභාගී වීමට කැමති පුද්ගලයින් සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. CHAPEA නොහොත් කාර්ය මණ්ඩල සෞඛ්‍ය සහ කාර්ය සාධන ගවේෂණ ඇනලොග් (Crew Health and Performance…

ගල්ගමුවේ අලි 200කට ආරක්ෂිතව රේල්පාර හරහා යන්න වනජීවී උමං මාර්ගයක්

ශ්‍රී ලංකාවේ දුම්රිය වල හැපී මියැදෙන අලි ඇතුන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන අතර එය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු වී ඇති පාරිසරික සහ සංවර්ධන ගැටළුවක් බවට පත්ව තිබේ. ඒ සඳහා විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශව රැසක් දීර්ඝ…

සිරිපා වන්දනාකරුවන් රැගත් බසය නානුඔයදී පෙරළී 8කට තුවාල

මාතර සිට නුවරඑළිය හරහා වන්දනාකරුවන් පිරිසක් ශ්‍රී පාද වන්දනාවේ රැගෙන පැමිණි පෞද්ගලික බස් රථයක් නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදී මාර්ගය හරහා පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර…

ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්

අද (23) දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මෙම තත්ත්වය ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දිවයිනේ ඇතැම් ස්ථානවල…

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

නවම් පුර පසළොස්වක පෝය දිනය අදට (23) යෙදී තිබෙනවා. රජග‍හනුවර වේලුවනාරාමයේදී බුද්ධ ශාසනයෙහි ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු පිරිනැමීම අද වැනි නවම් පුර පසලොස්වක පොහෝ දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එමෙන්ම ඕවාද ප්‍රාති මෝක්ෂය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන…

නියමිත බර නොමැති පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453කට නඩු

නියමිත බර නොමැති පාන් සහ මිල ප්‍රදර්ශනය නොකළ බේකරි සහ වෙළෙඳසැල් 453 කට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයේ දක්වා තිබූ බර අනුව බේකරි සහ අලෙවිසැල්…