මුලින් එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය, රනිල් ඒකට එකඟ වෙලා ඉවරයි – උදයංග වීරතුංග

මුලින් පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය යැයි තමා කැට තබා ප්‍රකාශ කරන බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.

එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මේ වන විටත් එකඟතාව පළ කර ඇති බවයි Youtube නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට පෙරළා පැමිණි වහාම ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බවත්, ඔහු ලංකාවට පැමිණෙන්නේ තීන්දු තීරණ රාශියක් රැගෙන බවයි එම සාකච්ඡාවේදී උදයංග වීරතුංග සඳහන් කළේ.

බැසිල් රාජපක්ෂ පැමිණි පසු පොහොට්ටුවේ පාර්ලිමේන්තු අපේක්ෂකයන්ගේ නාම යෝජනා බාර ගන්නා බවත්, නැවත පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් වීම සඳහා බැසිල් රාජපක්ෂ හට පවුලේ ආශිර්වාදය ලැබි ඇති බවයි ඔහු සඳහන් කළේ.

එසේම සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු, ජුනි මාසයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව උදයංග වීරතුංග වැඩිදුරටත් සඳහන් කළා.