නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුද කියලා එතුමම හිතන්න ඕනෙ – ජගත් කුමාර

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අපේක්ෂකයෙක් සිටින්නේ දැයි බරපතළ ලෙස ගැටලු සහගත බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් ජගත් කුමාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, අපේක්ෂකත්වයට ඔහු සුදුසුද යන්න ඔහුම කල්පනා කර බැලිය යුතු බවයි.