කෝටි 2000ක විය­ද­මින් මාර්ග කිලෝ­මී­ටර 1500ක් ප්‍රති­සැ­ක­සීම අද අර­ඹයි

රුපි­යල් කෝටි දෙද­හ­සක විය­ද­මින් රට පුරා මාර්ග කිලෝ­මී­ටර 1500ක් ප්‍රති­සැ­ක­සීමේ ව්‍යාපෘ­තිය සෑම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­ක­දීම අද (29) ඇරඹේ.

පසු­ගිය වසර දෙක තුන තුළ කොවිඩ් – 19 වසං­ග­තය නිසාත් ආර්ථික අර්බු­දය නිසාත් සමස්ත රට තුළ මාර්ග පද්ධ­තිය බර­ප­තළ ලෙස අබ­ලන් වී තිබී­මත් පසු­ගි­යදා ඇති වුණු ධාරා­නි­පාත වර්ෂාව හේතු­කො­ට­ගෙන ඇති වූ නාය­යෑම් හා ගංව­තුර තත්ත්ව­යන් නිසා විනාශ වූ මාර්ග පද්ධ­තිය යථා තත්ත්ව­යට පත් කිරී­මත් මෙම ව්‍යාපෘ­තියේ අර­මුණ බව මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්ෂ ජන­රාල් සර්ධා වීර­කෝන්.

එම තත්ත්ව­යන් හේතු­කො­ට­ගෙන මෙවර අය-වැය ලේඛ­න­යෙන් ලබා දී ඇති මූල්‍ය ප්‍රති­පා­දන යටතේ දිව­යින පුරා මාර්ග කිලෝ­මී­ටර 1500ක් ප්‍රති­සැ­ක­සු­ම්ක­ර­ණය සඳහා මුදල් වෙන් කර තිබේ.

ඒ අනුව ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශය මඟින් අදි­යර තුනක් යටතේ මෙම යෝජනා ක්‍රමය ක්‍රියා­ත්මක කිරී­මට නිය­මිත බව ද අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.

අද දින එහි කිලෝ­මී­ටර 500ක ප්‍රති­සැ­ක­සීමේ කට­යුතු ඇර­ඹී­ම­ටත් මාර්තු 16 වැනිදා දෙවැනි කිලෝ­මී­ටර 500 හා අප්‍රේල් 02 වැනිදා තෙවැනි කිලෝ­මී­ටර 500ත් ප්‍රති­සැ­ක­සීමේ කට­යුතු ඇර­ඹෙන බව ද හෙතෙම පැව­සීය.

ඒ අනුව මෙරටේ සෑම ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ය­කම අද (29) උදෑ­සන ප්‍රාදේ­ශීය සංව­ර්ධන කමි­ටු­වල සභා­ප­ති­ව­රුන් විසින් මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධී­ක්ෂ­ණය යටතේ මෙම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරීම සිදු­වන බව ද අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළේය.