කථානායකට එරෙහි විශ්වාසභංගයට ලංකා නිදහස් පක්ෂයේ සහාය

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

පසුගියදා පාර්ලිමේන්තුවේදී මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත වීමෙන් පසු කථානායකවරයා ඊට අත්සන් තැබුවද එම පනතට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශිිත සංශෝධන ඇතුළත් නොකිරීමට එරෙහිව සමඟි ජන සන්ධානය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.