බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා T20 සංචිතය නිවේදනය කෙරේ

එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්  (28) නිවේදනය කර තිබෙනවා.

සංචිතය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් අතර, පළමු තරග දෙකේ දී කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස චරිත් අසලංක කටයුතු කිරීමට නියමිතයි.

ඒ, නිත්‍ය නායක වනිදු හසරංගට එරෙහිව තරග දෙකක තහනමක් පැනවීමට පසුගියදා ජගත් ක්‍රිකට් කවුන්සලය ගත් තීරණය හේතුවෙන්.

අදාළ සංචිතය පහතින්.

news images