පොලීසියේ ලොකු වෙනසක් ඉදිරි කාලය තුළ සිදුකිරීමට අවශ්‍යයි – පොලිස්පති

ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේදවලට ශ්‍රී ලංකා පොලීසිය ද අනුගත කිරීම තම බලාපොරොත්තුව බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සටහන් විද්‍යා විෂයට අදාළව පවත්වනු ලැබු Advance Grade සහ Elementary විභාග සමත් නිලධාරින්ට සහතිකපත් පිරිනැමීමේ උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

ලෝකයේ දියුණුම රටවල් අපරාධ විසඳීමට යොදාගන්නා ක්‍රමවේදවලට ශ්‍රී ලංකා පොලීසිය අනුගත කිරීම ආදිය ඉදිරියේ දී පුළුල් කර ලොකු වෙනසක් ඉදිරි කාලයේදී සිදු කිරීමට අවශ්‍ය බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.