පරාටේ නීතිය අත්හි­ටු­වීම­ ගැන ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රසාදය

පසු­ගිය වසර තුනක කාල­යක සිට පව­තින ආර්ථික පසු­බෑම හේතු­වෙන් අඩ­ප­ණවූ සුළු හා මධ්‍ය පරි­මාණ කර්මාන්ත සහ ව්‍යව­සා­ය­ක­යන්ට යළි හුස්ම ගැනී­මට ලැබුණු අගනා අව­ස්ථා­වක් ලෙස පරාටේ නීතිය ක්‍රියා­ත්මක කිරීම දෙසැ­ම්බර් 15 වැනිදා දක්වා අත්හි­ටු­වී­මට රජය ගත් තීර­ණය හැඳි­න්විය හැකි බව මෙරට ප්‍රධා­න­තම සුළු හා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන්ගේ එක­මු­තුවේ ජාතික සංවි­ධා­යක එස්.එන්. රාගු­වන් ප්‍රකාශ කළේය.

කොළඹ අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ ශ්‍රව­ණා­ගා­රයේ ඊයේ (28) දහ­වල් පැවැති විශේෂ මාධ්‍ය හමු­වට එක්වෙ­මින් ජාතික සංවි­ධා­ය­ක­ව­රයා එසේ පැව­සීය.

පරාටේ නීතිය ක්‍රියා­ත්මක කිරීම තාව­කා­ලි­කව අත්හි­ටු­වීම තම එක­මු­තුව ඇතුළු අප රටේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරි­මාණ පම­ණක් නොව මහා පරි­මාණ වුව කර්මාන්ත සහ ව්‍යාව­සා­ය­ක­යන්ගේ ජය­ග්‍ර­හ­ණ­යක් වන බව ද ඔහු කීය.

පරාටේ නීතිය ක්‍රියාත්ම කිරීම මාස දහ­ය­කින් අත්හි­ටු­වීම සමඟ බිඳ­වැ­ටුණු කර්මා­න්ත­ව­ලට නැවත නැඟි­ටී­මට ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කර ගැනීමේ විධි­මත් යන්ත්‍ර­ණ­යක් සකස් කළ යුතු යැයි ජාතික සංවි­ධා­ය­ක­ව­රයා පෙන්වා දුන්නේය.

එස්.එන්. රාගු­වන් එහිදී මෙසේද සඳ­හන් කළේය.

“ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මුදල් ඇමැ­ති­ව­රයා ලෙස කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළ මෙම යෝජ­නාව සම්මත වීම දැන් සිදු වී තිබෙ­නවා. එළඹ තිබෙන්නේ එම සහ­නය අප එක­මු­තුවේ සාමා­ජි­ක­යන් ඇතුළු සියලු රට­වැසි ව්‍යව­සා­යක සහ කර්මා­න්ත­ක­රු­වන්ට ලබා ගැනී­මට අව­ස්ථාව උදා කිරී­මයි.

මෙහිදී අධි­ක­රණ අමා­ත්‍යාං­ශ­යට සුවි­ශාල කාර්ය­භා­ර­යක් පැවරී තිබෙ­නවා. එම කාර්ය­භා­රය අප සමඟ එක­තුව අධි­ක­රණ ඇමැති ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා ඉටු කරන බව අපට විශ්වා­සයි.

මීට දින හැට­ප­හ­කට පෙර කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණත් අධි­ක­රණ ඇමැ­ති­ව­ර­යාත් සහ­භාගි කර­වා­ගෙන බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී අප එක­මු­තුවේ විශාල දැනු­වත් කිරීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කළා.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස අපගේ හඬ ඇමැති මණ්ඩ­ලය දක්වා ගෙන ගොස් අද වන විට තීර­ණා­ත්මක ජය­ග්‍රාහී මාව­ත­කට පැමිණ තිබෙ­නවා. මෙය ආර­ම්භය පම­ණයි. මින් ඔබ්බට බිඳ වැටුණු ව්‍යාපාර සහ කර්මා­න්ත­ක­රු­වන්ට යළි නැඟී සිටී­මට අවශ්‍ය සහන ලබා ගැනීම පිළි­බ­ඳ­වයි අපේ අව­ධා­නය යොමු වන්නේ.”

ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරි­මාණ කර්මා­න්ත­ක­රු­වන්ගේ වාණිජ මණ්ඩ­ලයේ උප සභා­ප­තිනී ශෂිකා ද සිල්වා,

“බිඳ­වැ­ටුණු ව්‍යාපාර නැවත ගොඩ­නැ­ඟීම යනු ශ්‍රී ලංකා ආර්ථි­කය ශක්ති­මත් කිරීමේ අඩි­තා­ලම දැමී­මක්. මේ වන විට ඒ සඳහා මුල් පිය­වර තබා තිබෙ­නවා. අපේ කර්මාන්ත එක­මු­තුවේ සාමා­ජි­ක­යන් කිසි­වකු හිතා­ම­තාම බැංකු ණය පැහැර හැරී­මට කට­යුතු කර නැහැ. රටේ ඇතිවූ අපට පාල­නය කළ නොහැකි කරුණු නිසා ආර්ථි­කය බිඳ වැටුණා. ඉන් අපට පීඩා­වට පත්වී­මට සිදු වුණා. දැන් අව­ස්ථා­වක් ලැබී තිබෙ­නවා. යළි නැඟී සිටී­මට අප ශක්ති­මත් විය යුතුයි. අප වාගේම ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධි­ප­ති­ව­රයා, මුදල් මණ්ඩ­ලය වාගේම රටේ සියලු බැංකු හා මූල්‍ය ආය­තන ප්‍රධා­නීන් සියලු දෙනා එක්ව විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් හරහා යළි නැඟී සිටී­මට කට­යුතු කළ යුතුයි. අප කිසි­ව­කු­ටත් චෝදනා නඟ­මින් සිටි­යාට වැඩක් වන්නේ නැහැ. අප සියලු දෙනා එක­මු­තුව කට­යුතු කළොත් අප­ටත් රට­ටත් ආර්ථික වශ­යෙන් යළි නැඟී සිටී­මට හැකි වෙනවා. ඒ අනුව අප කට­යුතු කරමු.“

මෙම අව­ස්ථා­වට සුළු හා මධ්‍ය පරි­මාණ කර්මාන්ත සහ ව්‍යාව­සා­යක ප්‍රජාව නියෝ­ජ­නය කර­මින් පරාටේ නීතිය යටතේ පීඩා­වට පත්වූ පිරිස් සහ­භාගි වී සිටි අතර, කිහි­ප­දෙ­නෙක් මෙහිදී අද­හස් දැක්වූහ.