ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය විකිණීම වෙනුවට ආයෝජන කැඳවා ගැනීම – වෛද්‍ය නලින්ද ජයතිස්ස

විකිණීම වෙනුවට ආයෝජන කැඳවා ගැනීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බව එහි ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ටෙලිකොම්, වෝටස්ඒජ්, ලංකා හොස්පිටල් වැනි ආයතන අවුරුදු ගණනාවක සිට විකිණිමට කටයුතු කරන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවයි ඔහු සඳහන් කළේ.

සෑදිය යුත්තේ රත්‍රං බිත්තර දමන කිකිළිව මරාගෙන කා එදාවේල පිරිමසා ගැනීමේ ආණ්ඩුවක් නොවන බවත්, දීර්ඝකාලීනව රටට ඩොලර් ගලාගෙන එන ආර්ථික ප්‍රතිපත්තියක් තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.