ජනාධිපතිවරණය නියමිත ආකාරයට පවත්වනවා – කථානායක

ජනාධිපතිවරණය නෛතිකවම දක්වා ඇති පරිදි නියමිත ආකාරයට පැවැත්වෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඒ අනුව මහ මැතිවරණයද ලබන වසරේ අදාළ කාල සිමාවේ පැවැත්වෙනු ඇති බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt සමඟ පැවති සාකච්ඡාවකදී කථානායකවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව තුළ පවතින සංහිඳියාව පිළිබඳවද සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.