පාඨලී හා නිදහස ජනතා සභාව අතර හමුවක්

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟ වී තිබෙනවා.

ඒ අනුව රට මුහුණ පා ඇති දැඩි අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම එක්සත් ජනරජ පෙරමුණේ අරමුණ බව “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” වැඩසටහන නිදහස ජනතා සභාවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සඳහන් කළා.

සන්ධානය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවය එකඟ වී ඇති බවයි එක්සත් ජනරජ පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරන්නේ.