විදුලි ගාස්තු අඩු කිරීම ගැන තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද රැස්වෙයි

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධිත විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සලකා බලා අවසන් තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම අද (28) .

එහිදි විවිධ පාර්ශව වලින් ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ද සැළකිල්ලට ගන්නා බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ පසුගිය ඔක්තොම්බර් මාසයේ වැඩිකළ විදුලිබිල එම ප්‍රතිශතයෙන්ම අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යෝජනා කළ බවයි.