PET ප්ලාස්ටික් බෝතල් කිලෝ 5කට වඩා එකතු කර දෙන බාලදක්ෂයන්ට පදක්කමක්

පරිසර දූෂණයට බලපාන ප්ලාස්ටික් බෝතල් එක් රැස්කර බාලදක්ෂයන්ගේ කර පලඳනාව සකස් කිරීමේ A step towards nature ව්‍යාපෘතිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සාමයේ පණිවිඩකරුවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ. මේ ව්‍යාපෘතියට සහභාගි වී PET ප්ලාස්ටික් බෝතල් කිලෝ ග්‍රෑම් 5කට වඩා වැඩියෙන් එක්රැස් කර බාරදෙන බාලදක්ෂයන්ට “ACHIEVER” පදක්කම පිරිනමන අතර මේ අවස්ථාව සංකේතාත්මක කරමින් ඊට අදාළ පදක්කම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ත්‍රිකුණාමලයේ පැවැති 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ දී ප්‍රදානය කළ අයුරු.

ආසියා ශාන්තිකර බාලදක්ෂ කලාපීය අනුකමිටු සාමාජික, සාමයේ පණිවිඩකරු ශ්‍රී ලංකා සම්බන්ධීකාරක, අටාස් ශ්‍රී ලංකා සම්බන්ධීකාරක, මූලස්ථාන කොමසාරිස් ජෙරම් ලක්ෂාන් පෙරේරාද මේ අවස්ථාවට එක් වූහ.