බලශක්ති සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සාකච්ඡාවක්

බලශක්ති සහයෝගීතාව පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති අතිගරු මියොන් ලී සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර පවත්වා තිබෙනවා.

කොරියානු ජනරජය පාවෙන සූර්ය පැනල සහ න්‍යෂ්ටික බලාගාරවලින් විශාල බලශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර කොරියානු ජනරජයේ සහ එහි ආයෝජකයින්ගේ තාක්ෂණික සහ මූල්‍ය ආධාර ඇතිව පාවෙන සූර්ය පැනල සහ න්‍යෂ්ටික බලශක්තිය හරහා ප්‍රතිසංවර්ධනය සඳහා ඇති විය හැකි බලශක්ති සහයෝගීතාව පිළිබඳව මෙහි දී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වෙන්නේ.