පරාටේ නීතිය අත්හිටුවීමට ගත් තීරණය ගැන සතුටුයි

කැබිනට් මණ්ඩලය පරාටේ නීතිය තාවකාලිකව හෝ අත්හිටුවීමට ගත් තීරණය සතුටට කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. වසර 2-3ක් පුරාවට තමා ඇතුළු සමඟි ජන බලවේගය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 50%ක හා රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් වෙනුවෙන් පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීමේ නීතියට යම් විරාමයක් ලබා දෙන්න යනුවෙන් සටනේ නිරත වූ බවත් එම සටනේ ප්‍රතිඵලයක් ලෙස කැබිනට් මණ්ඩලය පරාටේ නීතිය දෙසැම්බර් 15 තෙක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවත් එය සතුටට කරුණක් බවත් විපක්ෂ නායකවරයා පැවැසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ (27) මාතලේ රත්තොට කයිකාවල මහා විද්‍යාලයට සක්වල බස් රථ ලබා දීමේ වැඩසටහනේ 81 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.