දේවිකා කොඩිතුවක්කු සමගි ජන බලවේගය සමඟ එක්වෙයි

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා.

ඒ අනුව ඇයව සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ, ජාතික පවුල් සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ රෝග නිවාරණ ප්‍රතිපත්ති උපදේශක කමිටුවේ විධායක සාමාජික ධුරය සඳහා පත්කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇය රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති ධුරය දරන අතර දේශපාලන සහ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ද කටයුතු කරමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.