කෘෂිකර්ම අමාත්‍යාංශයේ අලෙවි අංශයක් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමෙයි

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින “ඵලදා වර්ධන හා අලෙවි අංශය” වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස අමාත්‍ය මහින්ද  අමරවීර විසින් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම අංශය මගින් කිසිදු ඵලදා වර්ධන කටයුත්තක් සිදු නොවන බවත්, එයින් වැඩිපුරම සිදුකරනු ලබන්නේ ඉඩම් ගොඩ කිරීමට උපදෙස් දීම බවත් අදාළ නිලධාරින් අමාත්‍යවරයා දැනුවත් කර ඇති බව සඳහන්.

අපනයනය සඳහා භෝග කිරීමේ හා ව්‍යාප්ත කිරිමේ ඒකකයක් ලෙස අදාළ අංශය  ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.