අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් STF සමඟ වෙඩි හුවමාරුවකින් මරුට

මහබාගේ ප්‍රදේශයේ මස් කඩ හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සහ තවත් අපරාධ රැසකට අවශ්‍යව සිටි හිටපු හමුදා සෙබළෙක් සූරියවැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ ගැටුමකින් මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා සුරියවැව ප්‍රදේශයේ ආඩිගම වැව අසල වාඩියක සැඟවී සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත අද (28) අලුයම ක්ෂණික වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී සැකකරු විසින් ගිනි අවියකින් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා, පසුව සැකකරුව සුරියවැව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි හුවමාරුවෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ද තුවාල ලබා ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.