T10 තරගාවලිය පැවැත්වෙන නව දිනයන් ප්‍රකාශයට පත් කෙරේ

පළමු වරට සංවිධාන කරන ලංකා T10 ක්‍රිකට් තරගාවලිය ‌මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

තරගාවලිය සදහා මෙරට ප්‍රධාන නගර කිහිපයක නම් සහිත කණ්ඩායම් 6 ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් හය දෙනෙකු ඇතුළත්ව ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වීමට නියමිත තිබෙනවා.