4%ක ලාභාංශය අඩුකර උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන ලබාදීමට බලාපොරොත්තු වෙනවා – කංචන

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වියදම් පියවා ගැනීම පමණක් ප්‍රමාණවත් බවත්, ඉදිරියේදී සිය ලාභාංශය අඩුකර තරඟකාරී අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමේ අවස්ථාව සිපෙට්කෝ වෙත ලබා දෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මෙම 4% ලාභාංශය මගින් මිල සුත්‍රය ක්‍රියාත්මක කිරීම නිසා ණය හිමියන්ට තිබුණු පැරණි ණය ද, බැංකුවලට තිබූ ණය ද හිලව් කිරීමට පසුගිය වසරේ හැකියාව ලැබුණු බවත්, ඒ ලැබුණ වාසිය ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේ දී කඩිනමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.

එම 4% ලාභාංශය අඩුකර ඊළඟ මිල සුත්‍රයේ දී උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කරමින් අනෙකුත් ඉන්ධන සමාගම් හා තරඟ කිරීමට සිපෙට්කෝ ආයතනයට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.