රනිල්ට ඓතිහාසික ජයක් ලබාදීමට මහජනතාව පෙළ ගැසෙමින් ඉන්නවා – වජිර

ඉදිරි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඓතිහාසික ජයක් ලබාගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ජනාධිපතිවරණය පවත්වන බවට මේ වන විටත් ප්‍රකාශයට පත්කර ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මහජනතාව විසින් ඔහුට ඓතිහාසික ජයක් ලබාදීමට පෙළ ගැසෙමින් සිටින බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් පත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.