දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වී නෑ – සජිත් ප්‍රේමදාස

දේශබන්දු තෙන්නකෝන් වෙත පොලිස්පති ධූරය ලබාදීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වී නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පොලිස්පති ලෙස ඔහුව පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ පැවති ඡන්ද විමසීමේදී එයට පක්ෂව ඡන්ද 4ක්ද, විපක්ෂව ඡන්ද 2ක්ද හිමිව ඇති අතර, සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇති බවයි විපක්ෂනායකවරයා පවසන්​නේ.

ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දයක් හරහා තීරණයක් ගැනීමට නම් අඩුම වශයෙන් ඡන්ද 5ක් අවශ්‍ය බවද, ඡන්ද විමසීමකදී ප්‍රතිඵලය සමවන්නේ නම් පමණක් කථානායකවරයාට සිය ඡන්දය භාවිත කළ හැකි බවද ඔහු තවදුරටත් පෙන්වා දෙනවා.