ග්‍රහලෝකාගාරය හෙට සිට මාර්තු 12 දක්වා වසා දැමේ

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව,  (27) සිට මාර්තු මස 12 වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය වසා දැමෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.