එළඹෙන ජනාධිපතිවරණයේදී කතාවලට සහ ජනරැළිවලට රැවටෙන්න එපා – පාඨලී

ජනාධිපතිවරණයට නිසි කලට පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

එළඹෙන ජනාධිපතිවරණයේදී කතාවලට සහ ජනරැළිවලට නොරැවටී, දැන උගත් ලෙස හොඳට කල්පනා කර බලා කටයුතු කළ යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ප්‍රශ්නය විසඳීමට හැකි පුද්ගලයින් පිරිසකට මෙය භාරදීමට කටයුතු කරන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.