2010-2015 දියුණුව නැවත උදාකර ගැනීමට සියලු දෙනා එක්විය යුතුයි – සාගර

අරගලය පිටුපස පැවතියේ කිසිඳු පුද්ගලයෙකුට අවබෝධ නොවූ රට විනාශ කිරීම සඳහා වන වැඩපිළිවෙළක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

එම කුමන්ත්‍රණය කුමක්දැයි මේ වන විට රටේ ජනතාවට පැහැදිළි වෙමින් ඇති බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

2010 ත් 2015 අතර දියුණුව නැවත උදාකර ගැනීමට සියලුදෙනාම එක්විය යුතු කාලය පැමිණ ඇති බවයි සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කළේ.