සිදු වූ ප්‍රමාදය පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

(25) දින සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් බව ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසනවා.

එය කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

එසේම, ප්‍රමාදයන් නිසා ඇති වූ අපහසුතාව පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සියලු මඟීන්ගෙන් සමාව අයදින බවත් නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කරන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images