වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිළි කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු සැසිවාරවල දී මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සිදුකළ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් සිය අවධානය යොමුවූ බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එම වැටුප් වැඩි කිරීම ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව වෘත්තිය සමිති හා එළැඹ ඇති එකඟතා ගිවිසුමට අනුකූලව සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ලිඛිතව අවස්ථාව ඉල්ලන ලෙස පාලක මණ්ඩලය කළ දැනුම්දීම අනූව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපතිවරයා වෙත 22 වනදා මහ බැංකු අධිපති ලිපියක් යොමු කළ බවත් එම අවස්ථාව ලැබුණු පසු සුදුසු පාර්ලිමේන්තු කමිටුවක් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව දැනුවත් කිරීමට මහ බැංකුව සූදානමින් පසුවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images