වැටුප් වැඩි කිරීම පිළිබඳ​ව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධනය අරභයා සමාජය තුළ ඇතිව ඇති විවේචනාත්මක කතිකාවත අතිශයින්ම ඒකපාර්ශවී​ය මෙන්ම කරුණු නිසියාකාරව නොදැන හෝ පෞද්ගලික න්‍යාය පත්‍ර මත ගෙන එන ලද්දක් වන බව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආයතනික යහපාලන පරිචයන් සලකා බලා රජයේ ඇතැම් ආයතනයන්හි මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේද වැටුප් සංශෝධනය සෑම වසර තුනකට වරක් සිදුකිරීම දශක කිහිපයක සිට සිදුවන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

පසුගිය වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට එහි සේවය කළ පළපුරුදු නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් අහිමිවීම හා ඔවුන් අතරින් ඇතැමෙක් ලෝක බැංකුව හා ඊට අනුබද්ධිත ආයතන, එංගලන්ත මහ බංකුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන කිහිපයක සේවයට සම්බන්ධ වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

මෙම වැටුප් සංශෝධනය සිදුනොවුනේ නම් ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකු​ව මෙන්ම රටද හැරයාම තවදුරටත් තීව්‍ර වී බැංකුවේ කටයුතු අඩා​ලවීමට හැකියාව තිබූ බවත් වර්තමානයේ එල්ලවන විවේචනයන් සිදුවන්නේ මෙකී යථාර්ථය සහමුලින්ම නොසලකා හරිමින් වීම කණගාටුදායක බවයි බව ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images news images