රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14 ක් තුළ පිටවිය යුතු බවට සිදුකළ දැනුම්දීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – ජනපති

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කැබිනට් අනුමැතියකින් තොරව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා කාලසිමාව දීර්ඝ කිරීම අත්හිටුවීම බව දන්වමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා.