තවත් සමාගමකට මෙරට ඉන්ධන අලෙවිය සඳහා අවසර

United Petroleum Australia සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම පවසනවා.

ඒ අනුව පසුගිය පෙබරවාරි 22 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වූ බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව, එම සමාගමට දැනට පවතින ඉන්ධන පිරවුම්හල් 150ක් පවරා ඇති අතර නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතියද ලබා දී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

news images