කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අද සිට Online ක්‍රමයට

2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කාර්යාංශයේ නිල වෙබ් අඩවියට  (http://www.slbfe.lk) පිවිස Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2) වෙත පිවිස අයදුම්කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවයි එම කාර්යංශය සඳහන් කළේ.

එසේම 29 වනදායින් පසුව එම සබැඳිය වසාදැමෙන බැවින් ඊට පසුව කිසිදු ආකාරයකින් අයදුම්කරුවෙකුට තොරතුරු ලබාදිය නොහැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

news images