අද කාලගුණ නිවේදනය

අද දින (26) සිට නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල  වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණු, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.