ඩෙංගු රෝගීන්ගේ පහළ යාමක්

ජනවාරි මාසයට සාපේක්ෂ ව පෙබරවාරි මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජනවාරි මාසය වන විට 60කට අධික සංඛ්‍යාවක පැවති ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාවද 24ක් දක්වා පහත බැස ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව පෙබරවාරි මාසයේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගින්ගේ සංඛ්‍යාව 5,181ක් වන අතර මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගින් 15,598 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙන බවයි එම ඒකකය සඳහන් කළේ.

පෙබරවාරි මාසයේ දී  වැඩි ම රෝගින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 3,359 ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.