කැලණියේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අත්අඩංගුවට

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු, කැලුම් මුදන්නායකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවු නවක වධය සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු කටුනායක ගුවන්තොටුපොළින් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේ දී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.