මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පිළිබඳ සාකච්ඡා

මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් යු.එල්.මොහොමඩ් ජවුහර් පවසනවා.

ඔවුන් මුදාගෙන නැවත මෙරටට එවීම සඳහා සහය ලබාදීමේ හදිසි අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරුණු බවයි ඔහු සඳහන් කළේ.

ලාංකිකයින් මුදා ගැනීම සඳහා මියන්මාර රජයට අදාළ ප්‍රදේශයට ප්‍රවේශවීමේ දුෂ්කරතාවක් මතුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටිනවා.

ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සඳහා මැදිහත් වන ලෙසට විදේශ අමාත්‍ය අලි සබ්‍රී විසින් මියන්මාරයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.