තර්ස්ටන් – ඉසිපතන සහෝදර සංග්‍රාමයේ දෙවන දිනය අද

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර 61 වැනි වරට පැවැත්වෙන සහෝදරයින්ගේ සටනේ දෙවන හා අවසන් දිනය අදයි.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ඊයේ (24) උදෑසන ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය තර්ස්ටන් නායක විහස් තෙව්මික සතු වූ අතර, ඔහු තරගයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉසිපතන ක්‍රීඩකයින්ට ලබාදුන්නා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස රුචිත් ලකුණු 4කට දවා ගැනීමට තර්ස්ටන් නායකයා විසින් සමත් වූ අතර, ඉන් පසුව ඉසිපතනය වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තරුශ්ක අශෙල් ශතකයක් ලබාගෙන ලකුණු 102 කට දැවී ගියා.

තර්ස්ටන් නායක විහස් තෙව්මික විසින් ඉසිපතන ඉනිමේ කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා ලකුණු 250 ක් ලබාගත් අතර ඉසිපතන විද්‍යාලයේ පළමු ඉනිම සඳහා පිළිතුරු සැපයීම වෙනුවෙන් තර්ස්ටන් ආරම්භ පිතිකරුවන් වූ දිනාල් ඉඳුවර සහ තනුජ රාජපක්ෂ පිටියට පිවිසුණා.

පළමු දිනය අවසානයේ තර්ස්ටන් පිළ එක් කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා සිටිනවා.

දිනාල් ඉඳුවර ලකුණු 18 කට දැවීගිය අතර තනුජ රාජපක්ෂ නොදැවී ලකුණු 33 ක් ලබා සිටිනවා.

news images