ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබෙනවා.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, පුත්තලම පොලීසියේ සේවය කරමින් සිටි කල්පිටිය – ආන්දන්කන්නියේ පදිංචි වයස අවුරුදු 40 ක පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන්.

කිසියම් පිරිසක් ගංජා පානය කරමින් සිටින බවට ඉකුත් 22 වැනි දා සවස නොරොච්චෝලේ පොලීසියට ලැබුණු තොරතුරක් අනුව අදාළ ස්ථානය වටලා සැකකරුවන් 07 දෙනෙකු නොරොච්චෝලේ පොලීසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉහත සඳහන් පොලිස් කොස්තාපල්වරයා ද එහි සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

එම කොස්තාපල්වරයා සතුව තිබුණු ගංජා මිලි ග්‍රෑම් 1,200ක් ද වැටලීම කළ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඇතුළුව අත්අඩංගුවට පත් සැකකරුවන් 07 දෙනා 23 වැනි දා සවස කල්පිටිය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් සඳහන්.