ශ්‍රී ලංකා­වට අති­වි­ශිෂ්ට මෙහෙ­යක් කළ අයට රජයෙන් අලුත් සම්මාන 2ක්

මේ ජාතික සම්මාන පිරි­නැ­මී­මට ඒ සඳහා පත් කෙරෙන තේරීම් කමි­ටුවේ නිර්දේශ මත, ජාතික සම්මාන පිරි­නැ­මී­මට අපේක්ෂා කරන, සුදු­සු­කම් ලත් ශ්‍රී ලාංකි­ක­ය­න්ගෙන් අය­දු­ම්පත් කැඳ­වීම සඳහා නව ක්‍රම­වේ­ද­යක් සකස් කිරී­මට යෝජනා ඉදි­රි­පත් කර තිබේ.

පළාත් ආණ්ඩු­කා­ර­ව­රුන් සහ කැබි­නට් අමා­ත්‍ය­ව­රුන් මඟින් ජාතික සම්මාන සඳහා නාම යෝජනා භාර ගැනීම සිදු කෙරෙන අතර, ජනා­ධි­ප­ති­ව­රයා විසින් අග්‍රා­මාත්‍ය ලේකම්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් තේරීම් කමි­ටුව පත් කෙරේ. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ එක­ඟ­තාව අනුව ජනා­ධි­පති ලේකම් විසින් තේරීම් කමි­ටු­වට සාමා­ජි­ක­යන් පත් කරනු ලබන අතර, කමි­ටුව සම්මා­න­ලා­භීන් තේරා­ගැ­නීම සිදු කෙරේ. තෝරා­ගන්නා ලද සම්මා­න­ලා­භීන්ගේ නම් ගැසට් පත්‍ර­යක් මඟින් ප්‍රසි­ද්ධි­යට පත් කරනු ලබන අතර, පසුව නියම කර­ගන්නා ලද දින­ය­කදී ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සම්මාන ප්‍රදා­නය කරනු ලැබේ.

නිද­හස් අනු­ස්ම­රණ දිනය, ජාතික වීර දිනය ඇතුළු සම්මාන ප්‍රදා­න­යට සුදුසු දින ජනා­ධි­ප­ති­ව­ර­යාට තීර­ණය කළ හැකි අතර, ශ්‍රී ලාංකි­ක­යන් නොවන පුද්ග­ල­යන් සඳහා ජාතික සම්මාන ප්‍රදා­න­යද සිදු කෙරේ. ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා විසින් 2023.02.18 දිනැ­තිව ඉදි­රි­පත් කරන ලද අමාත්‍ය මණ්ඩල සට­හන මඟින් ‘විශිෂ්ට කෞශ­ල්‍යා­භි­මානී’ හා ‘විශිෂ්ට ජන­රජ අභි­මානී’ යන නව සම්මාන ද්විත්වය හඳුන්වා දීමට කට­යුතු කෙරිණි. 1986 වර්ෂ­යේදී එව­කට ජනා­ධි­ප­ති­ව­රයා විසින් අති­වි­ශේෂ ගැසට් පත්‍ර­යක් මඟින් ජාතික සම්මාන හඳුන්වා දී ඇති අතර, ඉන් පසුව මේ ජාතික සම්මාන පිරි­නැ­මීමේ පටි­පා­ටිය සංශෝ­ධ­නය කර තිබේ.