තර්ස්ටන් – ඉසිපතන සහෝදර සංග්‍රාමය අද ආරම්භ වෙයි

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර 61 වැනි වරටත් බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන සහෝදර සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (24) පැවැත්වෙනවා.

ඒ අනුව තරගය අද සහ හෙට කොළඹ SSC පිටියේ දී පැවැත්වීමටයි නියමිතයි.

මෙවර තර්ස්ටන් විද්‍යාලය මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ද නියෝජනය කරන විහස් තෙව්මික වෙත වන අතර සිතුක ගුණවර්ධන ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවනු ලබනවා.