රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නැංවිය හැකියි – ඩයනා

රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කළද ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත් භූමිකාවක් ඉටු කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.